ප්‍රමුඛ පුවත 1

තරුණයින් දෙදෙනෙකු අවසන් ගමන් ගිය හැටි

(UTV|කොළඹ)  – වලස්මුල්ල – හක්මන මාර්ගයේ ජූලේ හංදිය ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නෙහැකිව පෙරළිගොස් ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී අනතුර සිදුව ඇත.
අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදියේ පැදිකරු සහ පසුපැදිකරු වළස්මුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ වළස්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 23න් හැවිරිදි සහ 24 හැවිරිදි තරුණයින් දෙදෙනෙකි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
වළස්මුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ 25 වන ගුණ සමරුව අද

Mohamed Dilsad

පොලිස් නිළධාරීන්ට කෝටි 235 කට අධික ත්‍යාග මුදලක් පිරිනමයි

Mohamed Dilsad

2017 වසරේ කර්මාන්ත අංශය හා ආහාර නිෂ්පාදන අංශයේ වර්ධනයක් – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

Leave a Comment