ප්‍රමුඛ පුවත 1

මර්වින් සිල්වාගේ පුත් මාලක අධිකරණයට කැඳවයි

(UTV|කොළඹ) – හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නිකුත් කළ වරෙන්තුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි යළි කැඳවා තිබේ.

ඒ නඩු කටයුත්තක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙනි.

සැකකාර මාලක සිල්වා නීතිඥයෙකු මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කර අධිකරණයේ පෙනී සිටීම ඊට හේතුවයි.

මෙම නඩුව මාර්තු 6 වනදා කැඳවන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය එහිදී නියෝග කර ඇත.

2014 වසරේ දෙසැම්බර් මාසයේදී කුරුඳුවත්ත ප්‍රදේශයේ සමාජ ශාලාවක් තුළදී බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට සහ ඔහුගේ පෙම්වතියට පහරදීම සම්බන්ධයෙන් මාලක සිල්වාට චෝදනා එල්ල විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

චුන්නාකම් බලාගාරයෙන් උත්පාදනය කළහැකි විදුලි ධාරිතාවය හැකි ඉක්මණින් – විදුලිබල ඇමති

Mohamed Dilsad

ලෝටස් පාර වැසේ

Mohamed Dilsad

කාබන් බද්දට රජයේ සියලුම වාහනත් යටත් වෙයි…

Mohamed Dilsad

Leave a Comment