ප්‍රමුඛ පුවත 1

පොහොට්ටුවට මහරගම අහිමි වෙයි

(UTV|කොළඹ) – මහරගම නගර සභාව සඳහා පොදු ජන පෙරමුණ ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විමට එරෙහි පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.
ඒ පිළිබඳ  අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, සහ නලීන් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම තින්දුව ලබාදී ඇත.
මහරගම නගර සභාව සඳහා පොදුජන පෙරමුණෙන් තරඟවැදිම නියමිතව සිටි අපේක්ෂකයන් 6 ක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණි.
පෙත්සම්කරුවන් සඳහන් කර සිටියේ තම නාමයෝජනා ලැයිතුවේ අන්තර්ගත ඉනෝකා රණවීර නම් අපේක්ෂිකාවගේ නම ඉදිරියෙන් පිරිමි යනුවෙන් සඳහන්වීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප කිරීමට තේරීම්බාර නිලධාරීනිය කටයුතු කර ඇති බවයි.
පෙත්සම්කාර පාර්ශවයේ සහ වගඋත්තරකාර පාර්ශවයේ කරුණු දැක්වීම ඊයේ (18) දිනයේ අවසන් කෙරිණ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අමාත්‍ය කේ.ශන්මුගම් සහ අග්‍රාමාත්‍ය අතර හමුවක්

Mohamed Dilsad

නව ‘සයිබර් තාක්‍ෂණ’ ප්‍රදර්ශනය නැගෙනහිර පළාතේ නරඹන්නන් සියගණනකගේ ආකර්ශනය දිනාගනී

Mohamed Dilsad

පූජිතට – හේමසිරිට එරෙහි පෙත්සම් විභාගය අවසන් කෙරේ

Mohamed Dilsad

Leave a Comment