ප්‍රමුඛ පුවත 1

වාලම්පුරි ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට

(උදයම්,මඩකළපුව)   – රුපියල් කෝටි 10ක මුදලකට වාලම්පුරියක් විකිණීමට උත්සාහ කළ පුද්ගලයෝ  හත් දෙනෙක් මඩකළපුව කල්කුඩා ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනෙති.

පොලිස් විශේෂ කාර්යය බලකායට ලැබුණු තොරතුරකට අනුව උපාය දූතයෙක් මාර්ගයෙන් මෙම  වැටලීම සිදුකර ඇති අතර සැකකරුවන් සතුව තිබූ ත්‍රි රෝද රථයක් ද පොලීසිය බාරයට ගෙන තිබේ.

අඩි එකහමාරක් පමණ දිගකින් යුත් මෙම වාලම්පුරිය රුපියල් කෝටි 10ක මුදලකට විකිණීමට සැකකරුවන් විසින් උත්සාහ කර තිබේ.

සැකකරුවන් මාතලේ, පොළොන්නරුව සහ වාලච්චේන යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා වනජීවී සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ට බාරදුන් බව පොලිස් විශේෂ කාර්යයය බලකාය සඳහන් කළේය.

Related posts

හජ් වන්දනා කෝටාව ඉහළට

Mohamed Dilsad

පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

වයඹ පළාතේ පොල් ඉඩම් කැබලි කිරීම වහාම නවතා දැමීමට ජනපතිගෙන් අදාළ ආයතනවලට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment