ප්‍රමුඛ පුවත 1

වාලම්පුරි ජාවාරමකට සම්බන්ධ පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට

(උදයම්,මඩකළපුව)   – රුපියල් කෝටි 10ක මුදලකට වාලම්පුරියක් විකිණීමට උත්සාහ කළ පුද්ගලයෝ  හත් දෙනෙක් මඩකළපුව කල්කුඩා ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනෙති.

පොලිස් විශේෂ කාර්යය බලකායට ලැබුණු තොරතුරකට අනුව උපාය දූතයෙක් මාර්ගයෙන් මෙම  වැටලීම සිදුකර ඇති අතර සැකකරුවන් සතුව තිබූ ත්‍රි රෝද රථයක් ද පොලීසිය බාරයට ගෙන තිබේ.

අඩි එකහමාරක් පමණ දිගකින් යුත් මෙම වාලම්පුරිය රුපියල් කෝටි 10ක මුදලකට විකිණීමට සැකකරුවන් විසින් උත්සාහ කර තිබේ.

සැකකරුවන් මාතලේ, පොළොන්නරුව සහ වාලච්චේන යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

ඔවුන් වැඩිදුර විමර්ශන සඳහා වනජීවී සංවර්ධන දෙපාර්තමේන්තු නිලධාරීන්ට බාරදුන් බව පොලිස් විශේෂ කාර්යයය බලකාය සඳහන් කළේය.

Related posts

යාපනය සරසවි සිසුන් මියයාමේ සිද්ධියට අදාළ පොලිස් නිලධාරීන් තවදුරටත් රිමාන්ඩ්

Mohamed Dilsad

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ පොලිස් නිළධාරීන් යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

වසරේ ගතවූ කාලය තුළ හෙරොයින් කිලෝ 520 ක් අත්අඩංගුවට…

Mohamed Dilsad

Leave a Comment