විදෙස්

අතුරුදන් වූ ආජන්ටිනා සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය ගැන බලාපොරොත්තු බිඳ වැටෙයිද?

(UTV|කොළඹ) – ආජන්ටිනා සබ්මැරීනය අතුරුදන් වූ මුහුදු කලාපයේ කිසියම් පිපිරීමක් සිදුව ඇති බවට එරට නාවික හමුදාව නිවේදනය කිරීමත් සමග එහි සිටි කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව සිටීද යන්න ගැන සැක මතුව තිබේ.

සබ්මැරීනය අතුරුදන් වූ දකුණු අත්ලන්තික් මුහුදු කලාපයෙන් කිසියම් පිපිරීමක් වාර්තා වූ බව ආජන්ටිනා නාවික හමුදාවට දැනුම් දී ඇත. එම දැනුම්දීම සිදු කර ඇත්තේ න්‍යෂ්ඨික පරික්ෂණ පිළිබඳ ජාත්‍යන්තර නිරීක්ෂණ ආයතනයක් විසිනි.

එම කලාපයේ ප්‍රබල ශබ්දයක් වාර්තා වූ බවට අමෙරිකාව ද තහවුරු කර තිබේ.

මේ පිළිබඳව ආජන්ටිනා නාවික හමුදාව නිවේදනය කිරීමත් සමග සබ්මැරීනයේ කාර්යය මණ්ඩල සාමාජිකයින්ගේ ඥාතීන් මහත් කෝපයට පත්ව සිටින බව වාර්තාවේ.

අතුරුදන් වන විට එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 44 දෙනෙක් සේවයේ නිරතව සිටියහ.

පසුගිය සතියේ බදාදා අතුරුදන් වූ ඒ.ආර්.ඒ. සැන් ජුවාන් සබ්මැරීනය සේවීම සඳහා මේ වන විට අමෙරිකාව, රුසියාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් රැසක සහය හිමිව තිබේ.

 

 

Related posts

රනිල් එජාප නායකත්වයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

කොරෝනා මරණ 3400 ඉක්මවයි – ඉතාලියේ මරණ තවත් ඉහළට

Mohamed Dilsad

රාමේෂ්වරම් ධීවරයින් වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment