ප්‍රමුඛ පුවත 1

ගාමිණී සෙනරත් ඇතුළු තුන්දෙනා ඇප මත නිදහස්

(UTV|කොළඹ) – අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂගේ කාර්ය මණ්ඩල ප්‍රධානී, ගාමිණී සෙනරත් ඇතුළු තුන්දෙනා ඇප මත මුදා හැරීමට අධිකරණය  නියෝග කරයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව එක් අයෙකුට රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.

 

ගාමිණී සෙනරත්ට අමතරව මෙලෙස ඇප නියම වූයේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂවරුන් වන පියදාස කුඩාබාලගේ සහ නීල් හපුහින්න යන දෙදෙනාටය.

ඊට අමතරව ගාමිණී සෙනරත්ට සහ පියදාස කුඩාබාලගේ යන දෙදෙනාට විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙස ද නියෝග කළේය.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට අනුබද්ධිත සමාගමක් යටතේ ඉදිකෙරෙන කොල්ලූපිටිය ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් සඳහා කැබිනට් අනුමැතිය යටතේ 2012 වසරේ වෙන් කෙරුණු රුපියල් බිලියන 185ක මුදලින් රුපියල් බිලියන 4ක් නීතිවිරෝධී ලෙස හම්බන්තොට ප්‍රදේශයේ හෝටල් ව්‍යාපෘතියක් සඳහා යොදවා, රජයේ මුදල් සාවද්‍ය පරිහණය කළ බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ල වේ.

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

 

Related posts

ගෝඨාභය යළි දිවයිනට

Mohamed Dilsad

මහින්ද සහ ගෝඨා ඇතුළු සිව්දෙනෙකු ට කැනඩාවෙන් තහනමක්

Mohamed Dilsad

මැතිවරණය ප්‍රකාශ කිරීමට අවස්ථාව දෙන්න – මැතිවරණ කොමිෂන් සභාව

Mohamed Dilsad

Leave a Comment