ප්‍රමුඛ පුවත 1

ඩෙංගු මර්ධනයට උතුරත් සැරසෙයි

(උදයම්,යාපනය)  –  ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනට සමගාමීව උතුරේ සෞඛ්‍ය නිලධාරීන් පොලීසිය මෙන්ම සාමාන්‍ය ජනතාවද ඩෙංගු උවදුර මර්ධනය කිරීමට විවිධ වැඩසටහන් ආරම්භ කරයි.

රටටම බලපා ඇති ඩෙංගු උවදුර පිළිබඳව උතුරේ ජනතාව පූරණ දැනුවත් කිරීම් කටයුතු උතුරු පලාත් සෞඛ්‍ය නිලධාරීන් විසින් දැනුවත් කිරීමේ කටයුතු සිදු වන අතරම සෑම ප්‍රදේශයකම මංමාවත්, ඇල මාර්ග අවට හා කානු පද්දතීද පිරිසිදු කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතියි.

උතුරු පලාතේ වැඩිම ඩෙංගු අවධානමක් ඇති වව්නියාව දිස්ත්‍රීක්කයේ ඩෙංගු මර්ධනය කිරීම සඳහාද බලධාරීන් විසින් විවිධ වූ වැඩසටහන් දියත් කොට ඇති අතර ඒ සඳහා වව්නියාව පොලීසියේද සහය ලැබී ඇත.

වව්නියාව මූලස්ථාන පොලීසය හා වැසියන් පිරිසක් එක්ව වව්නියාව නගරයේ ඇතු කානු පද්දති පිරිසිදු කිරීමේ වැඩසටහනක්ද සංවිධානය කොට තිබුණි.

Related posts

මෙතෙක් හෙළි නොකළ ඉන්ධන් මිල සුත්‍රය මෙන්න

Mohamed Dilsad

විදෙස් මුදල් තොගයක් සමග ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

උසස් පෙළ විභාගයේ ප්‍රථීඵල හෙට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment