ප්‍රමුඛ පුවත 1

ජනපති සහ බංග්ලාදේශ අගමැතිනිය අතර නිල හමුව අද

(උදයම්,බංගලාදේශය)   –  බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මියගේ ආරාධනය පරිදි බංග්ලාදේශයේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව අද (14) දහවල් ඩකා අගනුවරදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර වෙළෙ`ද, ආර්ථික මෙන්ම ක්ෂේත‍්‍ර රැසක ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතය.

එමෙන්ම දෙරට අතර කෘෂිකර්ම, අධ්‍යාපන, විදේශ කටයුතු පුහුණවීම්,  ආගමන සහ විගමන ආදී ක්ෂේත‍්‍ර ආවරණ වන පරිදි අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබෙනු ඇත.

මේ අතර ලාෆ්ස් ගෑස් සමාගම විසින් බංග්ලාදේශයේ මෙහෙයුම් අරඹා වසර 02 ක් සපිරීම නිමිත්තෙන්  ඊයේ (13) පස්වරුවේ ඩකා අගනුවරදී පැවැත්වුණු විශේෂ ව්‍යාපාරික හමුවේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ද ජනාධිපතිතුමා සහභාගී විය.

ලාෆ්ස් ගෑස් සමාගමේ සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබූ අතර විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී ශ්‍රී ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාරික අවස්ථා පිළබඳ විශේෂ දේශනයක් පැවැත්වීය.

බංග්ලාදේශයේ විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ඇතු`ථ එරට රජයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

කුවේට්හි සිටි ශ්‍රී ලාංකික කාන්තාවන් 54ක් දිවයිනට

Mohamed Dilsad

ජාතික සමගිය සහ සහජීවනය වැඩිදියුණු කිරීමේ අමුළුව අම්පාරේදී

Mohamed Dilsad

මුහුදට ඝන අපද්‍රව්‍ය එක් වීම ඉහළ යයි…

Mohamed Dilsad

Leave a Comment