විදෙස්

ඇමරිකානු ජනපති දිවුරුම් දීම අතරතුර විරෝධතාකරුවන් 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට (ඡායාරූප)

රිපබ්ලිකන් පාක්ෂික කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස ඊයේ දිවුරුම් දුන්නද ට්‍රම්ප් විරෝධී කණ්ඩායම් රැසක් වොෂින්ටනයේ ඊයේ විරෝධතාවන් හි නිරත වුහ.

වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් හිදී ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඇමරිකාව මුල්තැන් හි ලා සලකන යුගය මෙතැන් සිට ආරම්භ වන බවයි.

එමෙන්ම ඉස්ලාමීය ත්‍රස්තවාදය මිහිපිටින් තුරන් කිරීමට කටයුතු කරන බවත්, ඇමරිකාවේ නව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවධාරණය කළේය.‘‘අද දිනයේ පටන් ඇමරිකාවට ප්‍රමුඛත්වය ලබාදෙන කාලය ආරම්භ වනවා. මම මාගේ ශරීරයේ අවසන් හුස්ම බිඳ තෙක්ම ඔබ වෙනුවෙන් සටන් කරන්න සූදානම්. මම කිසිදා ඔබේ බලාපොරොත්තු, අපේක්ෂාවන් සුන් කරන්නේ නැහැ. සියලූ සන්ධානයන් ශක්තිමත් කරන අතර, නව සන්ධානයන් ගොඩ නැගීමට ද කටයුතු කරනවා. අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදයට එරෙහිව සිවිල් ජන ප්‍රජාව එක්සත් කරන අතරම ඉස්ලාමීය ත්‍රස්තවාදය මිහිමතින් මුළුමනින්ම තුරන් කරන්න මම ප්‍රතිඥා දෙනවා.’’යැයි ට්‍රම්ප් මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දිවුරුම් දීම නැරඹීමට සහ සමාරම්භක කථාවට සවන් දීම සඳහා ඇමරිකාව පුරා ඔහුගේ අනුගාමිකයෝ ඊයේ වොෂින්ටන් අගනුවරට රොක් වුහ.

මේ අතර කළු ජාතික කණ්ඩායමක් සිදුකළ විරෝධතා පා ගමන ප්‍රචණ්ඩ ස්වරූපයක් ගත් අතර ඔවුන් කඩ සාප්පුවල වීදුරු බිඳිමින් වාහනවලට ගිනි තබමින් කලහකාරී ලෙස හැසිරුණු බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එහිදී පොලිස් නිලධාරීන් පිරිසක් ද තුවාල ලබා ඇති අතර, 217 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි වොෂින්ටන් පොලීසිය පවසා තිබේ.[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/01/american-protest-6-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/01/american-protest-5-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/01/american-protest-4-UDM-SIN.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/01/american-protest-3-UDM-SIN-1.jpg”]

Related posts

ටජ්මහල ආරක්ෂා කිරීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි අධිකරණය කියයි

Mohamed Dilsad

උතුරු කොරියාව ගොඩනගන්න ඇමෙරිකාව සුදානම්

Mohamed Dilsad

චීනයේ පැතිරෙන වෛරසය ගැන මෙරට සෞඛ්‍ය අංශ අවධානයෙන්

Editor O

Leave a Comment