Trending News

රජයේ මිනින්දෝරු සංගමය වර්ජනයේ

(උදයම්,කොළඹ)   –  අද(11) සහ හෙට(12) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ මිනින්දෝරු සංගමය පවසයි.

මැණුම් ක්ෂේත්‍ර සහයකයින් බඳවා නොගැනීම, දැනට සිටින නිලධාරීන් රාජකාරියෙන් පරිබාහිර කටයුතු සඳහා යොමුකිරීම හේතුවෙන් මැණුම් කටයුතුවලට බාධා එල්ල වීම ඇතුළු කරුණු කිහිපයක් ඉටුකරන ලෙස දීර්ඝ කාලයක සිට ඉල්ලීම් කළ ද රජය ඊට ප්‍රතිචාර දක්වා නොමැති බව රජයේ මිනින්දෝරු සංගමය සඳහන් කරයි.

මෙම වර්ජනයෙන් පසුවද තම ඉල්ලීම් පිළිබඳ රජය අවධානය යොමු නොකළ හොත් ලබන 13වනදා සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව එම සංගමය අවධාරණය කරයි.

Related posts

Harry Kane injury concern for Tottenham Hotspur and England

Mohamed Dilsad

“Death penalty should not be implemented, only exist as punishment” – Mahinda

Mohamed Dilsad

Supreme Court extends interim order against implementing death penalty

Mohamed Dilsad

Leave a Comment