ප්‍රමුඛ පුවත 1

පවතින නියගයෙන් පීඩාවට පත් සංඛ්‍යාව මිලියන 1.4 ඉක්මවයි

(උදයම්,කොළඹ ) –  ඉදිරි දින කිහිපය තුළදී වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ දිනයේ ද ප්‍රදේශ කිහිපයකට වැසි ඇද හැලූණු බවද වාර්තාවෙයි.

දිවයිනේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි වැසි තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් පැවසීය.

කෙසේ වෙතත්, මේ අතර, පළාත් කිහිපයකට බලපා ඇති නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගල සංඛ්‍යාව මේ වන විට දස ලක්ෂ 41,690 ඉක්ම වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

ඔවුන් පවුල් දෙලක්ෂ 51,310කට අයත් බව එම මධ්‍යස්ථානය සදහන් කරයි.

 

Related posts

පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

Mohamed Dilsad

මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වෙයි

Mohamed Dilsad

පළාත් කීපයකටම තද වැසි.

Mohamed Dilsad

Leave a Comment