Trending News

තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අද මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වර්ජනයේ

(උදයම්,කොළඹ)  –  ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ අද මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතය.

ඒ රජය විසින්  ඓතිහාසික වටිනාකමක් සහිත තැපැල් කාර්යාල හෝටල් ව්‍යාපෘතියකට ලබාදීම සහ පරිපාලන ගැටලුවලට විසදුම් ලබා නොදීමට විරෝධය පල කරමිනි.

මෙම ගැටළු මුල් කරගනිමින් තැපැල් සේවකයෝ පසුගිය 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වර්ජනයකද නිරතවුහ.

මේ දක්වා තම ගැටළුවලට විසඳුමක් ලබා දී නොමැති බව ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි.

Related posts

“Fertilizer shortage ends today” – Minister Dayasiri Jayasekara

Mohamed Dilsad

தெருக்களில் உலாவரும் முதலைகள்…

Mohamed Dilsad

ஐக்கிய தேசியக் கட்சியின் மத்திய செயற்குழுக் கூட்டம் ஒத்திவைப்பு

Mohamed Dilsad

Leave a Comment