Trending News

වර්ජනයෙන් රෝහල් කටයුතු අඩාලයි

(උදයම්,කොළඹ)   –  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීපව්‍යාප්තව ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

මාලඹේ සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් ඊයේ විශ්වවිද්‍යාල සිසුන් විසින් සංවිධානය කළ විරෝධතාවයට සිදුකළ පහරදීමට එරෙහිව අද(22) පෙරවරු 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

කෙසේවෙතත් වෛද්‍ය වර්ජනය හේතුවෙන් අද පෙරවරුවේ ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල් වෙත පැමිණ සිටි රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටි බව වාර්තාවේ.

අද පෙරවරුවේ ක්‍රියාත්මක කළ වර්ජනය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් මේ වන විට පැවැත්වෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේය.
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/05.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/06.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/06/07.jpg”]

 

Related posts

நிதியமைச்சரின் அமைச்சரவை பத்திரத்திற்கு அனுமதி

Mohamed Dilsad

Govt. to recruit retired railway Officials

Mohamed Dilsad

Golden age for Kollywood has begun, says Vishal

Mohamed Dilsad

Leave a Comment