ව්‍යාපාරික

ඉදිරියේදී ප්‍රීමා පිටි ප්‍රවාහනය දුම්රියෙන්

ත්‍රිකුණාමල වරායේ සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලට ප්‍රීමා පිටි ප්‍රවාහනය සිදු කිරීම දුම්රිය දෙපාර්තමේන්තුව භාරයට පත් වූ බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී.ආරියරත්න මහතා සහ ප්‍රීමා සිලෝන් පුද්ගලික සමාගමේ සාමාන්‍යාධීකාරී Ong John Seon Jay මහතා අතර මෙම අවබෝධතා ගිවිසුමට අද (19) ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී අත්සන් තැබුණි.

මෙම ගිවිසුම අනුව ප්‍රීමා පෞද්ගලික සමාගම ඔවුන්ගේ පිටි ප්‍රවාහන කටයුතු සිදු කිරීමට ප්‍රධාන ප්‍රවාහනය ලෙස දුම්රිය යොදාගන්නා බව මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව පිටි ප්‍රවාහනය සඳහා අවශ්‍ය දුම්රිය ගැල්, එන්ජින්, ප්ලැට්බේස් දුම්රිය දෙපාර්තමේන්තුවට අඩුවක්ව පැවතුණු අතර එම උපාංග ප්‍රීමා පිටි සමාගම දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදිය යුතු මුදලින් කොටසක් වැය කර මාස 06ක් ඇතුළතදී ලබාදීමටත් දෙපාර්ශවය අතර එකඟතාවයක්ද ඇති විය.

මෙම ප්‍රවාහන සේවාව තුළින් දුම්රිය දෙපාර්තමේන්තුවට මසකට රුපියල් මිලියන 15ට ආසන්න ආදායමක් ලබා ගැනීමට හැකි බව දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී.ආරියරත්න මහතා පැවසීය.

විශේෂයෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ ආදායම වැඩි කර ගනිමින් මහාමාර්ගවල තිබෙන තදබදය අඩු කර ගැනීමේ පරමාර්ථයෙන් ප්‍රීමා පිටි ප්‍රවාහනයද දුම්රිය මගින් සිදු කිරීමට අපේක්ෂා කරන බවත්,  දැනට ගල් අඟුරු ප්‍රවාහනයද දුම්රිය මගින් සාර්ථකව සිදු කර ගෙන යන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Related posts

එලොව පොල් පෙන්නන පොල්

Editor O

එයාර්ටෙල් ලංකා මුළු දිවයිනම සුපිරි 4G තාක්ෂණයෙන් බලගැන්වීමට සූදානම්

Mohamed Dilsad

නව සීනි කර්මාන්ත ව්‍යාපෘති ඇරඹීමට සැලසුම්

Mohamed Dilsad

Leave a Comment