ප්‍රමුඛ පුවත 1

ශෂී වෙල්ගම යළි රිමාන්ඩ්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂී වෙල්ගම සහ තවත් අයෙක් පෙබරවාරි මස 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
අද (19)කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජේ. ටොක්සි විසින් මෙම නියෝගය නිකුත් කළේය.
පසුගිය රජය සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට දුනුකොළ මිලදී ගැනීම තුළින් රුපියල් මිලියන 125 ක මුදලක් අවභාවිතා කළ බවට මොවුන්ට එරෙහිව චෝදනා එල්ලවනවා.

අද පෙරවරුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ මෙම නඩුවේ තුන්වන සැකකරු ලෙස ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු ප්‍රධාන මූල්‍ය කළමනාකාරවරයා නම් කරන බවයි.

තමන්ට ඇප ලබාදෙන ලෙස ශෂී වෙල්ගම මීට පෙර අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබූ අතර ඒ පිළිබඳ විරුද්ධත්වයක් ඇත්නම් එය පෙබරවාරි මස 2 වනදාට දැනුම්දෙන ලෙසද අතිරේක මහේස්ත්‍රාත්වරයා රහස් පොලීසියට දැනුම්දී තිබේ.

Related posts

මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

Mohamed Dilsad

පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

2109 අයවැය යෝජනා රැගෙන මුදල් ඇමති සභාවට

Mohamed Dilsad

Leave a Comment