ප්‍රමුඛ පුවත 1

රන් භාණ්ඩ කොල්ලයට අතදන්ගුවට් ගත පොලිස් නිලධාරීන් ඇතුළු පිරිස රිමාන්ඩ්

(උදයම්,කොළඹ)  –  රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිළධාරින් 05 දෙනා සහ සිවිල් පුද්ගලයින් සිව් දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කර ඇත.

පෙරේදා(15)  දිනයේදී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා ඊයේ (16) හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර ඇති අතර බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මහතාගේ ළඝු ලේඛකවරයාට එම සැකකරුවන් හඳුනාගැනීමට නොහැකි විය.

කෙසේවෙතත් ඔවුන් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කර තිබේ.

Related posts

විරෝධතාවයක් නිසා පාර්ලිමේන්තු වටරවුම අශ්‍රීතව දැඩි තදබදයක්..

Mohamed Dilsad

ගාල්ලේ ද්විත්ව ඝාතනයක්

Mohamed Dilsad

මන්ත්‍රී හිරුනිකාගේ මවගේ නිවසේ ගින්නක්

Mohamed Dilsad

Leave a Comment