ව්‍යාපාරික

ජපන් රජය මඟින් මෙරට තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා සඳහා පුහුණු කිරීමේ වැඩසටහනක්

(උදයම්,කොළඹ)  –  ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති Kenichisuga Numa මහතා හා ශ‍්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලයේ දෙවන ලේකම් Takefumi Suto මහතා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය එම අමාත්‍යංශයේදී ඊයේ (15) හමුවිය.

එහිදී ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන් වෙනුවෙන් රැකියා සඳහා පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට එරට රජය බලාපොරොත්තු වන බව තානාපතිවරයා සඳහන් කළේය.

මෙම වැඩසටහන සංවර්ධනය වෙමින් පවතින රටවල තරුණ තරුණියන්ගේ අනාගතයට සවියක් වන බවත්, ඊට අදාළ අවබෝධතා ගිවිසුම නොවැම්බර් මාසයේ අත්සන් කිරීමට නියමිත බවත් අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

මෙම අවස්ථාවට විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්.විතානගේ, අමාත්‍යංශයේ උපදේශිකා පත්මිණි රත්නායක යන මහත්ම මහත්මීන්ද එක්ව සිටියහ.

Related posts

පොල්තෙල් වලට වෙනත් තෙල් මිශ්‍ර කිරීම තහනම් කරමින් නව ගැසට්ටුවක් [GAZETTE]

Mohamed Dilsad

ලුණු මිල අඩු කිරීමට නිෂ්පාදකයින් සමග සාකච්ඡා

Editor O

තෙත වී කිලෝවක් සඳහා රු. 102ක මිලක්

Editor O

Leave a Comment