Trending News

ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති හමුවෙයි

(උදයම්,කොළඹ)  – ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (15) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

පූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමින් වහන්සේ, පූජ්‍ය ආචාර්ය අකුරැටියේ නන්ද ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය නියෝජනය කරන මහා සංඝරත්නය මෙම හමුවට එක්ව සිටියහ.

බෞද්ධ බුද්ධි මණ්ඩලයේ කටයුතුවල මෙතෙක් ප‍්‍රගතිය සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර බෞද්ධ බුද්ධි මණ්ඩලයේදී ගනු ලබන තීන්දු තීරණ නිසි අයුරින් ක්‍රියාත්මකවීම පිළිබඳව ද මහා සංඝරත්නය ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළහ.

විශේෂයෙන් පසුගිය කාලය තුළ මෙරට පිරිවෙන් අධ්‍යාපනය ලබා ඇති ප‍්‍රගතිය මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

පිරිවෙන් ගුරුවරුන් සඳහා පුහුණු මධ්‍යස්ථානයක් පිහිටුවීමේ කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් සූදානම් කර තිබෙන අතර ඒ පිළිබඳවද මහා සංඝරත්නය ජනාධිපතිවරයා දැනුවත් කළහ.

එමෙන්ම බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ශී‍්‍ර ලංකාව තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවට ලක් වූ අතර ඒ සඳහා පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම උසස් අධ්‍යාපනායතනවල ඉගෙනුමට පැමිණෙන විදේශ සිසුන්ට වීසා ලබාදීම වැනි කරුණු පිළිබඳව ද අවධානය යොමු විය.

ආගමික අධ්‍යාපනය සඳහා ගුරුවරුන් බඳවා ගැනීම, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග‍්‍රන්ථ මාලා මහානායක හිමිවරුන්ගේ අනුමැතියෙන් පත් කළ විද්වත් මණ්ඩලයක් මගින් සෝදුපත් බලවා සංස්කරණය කොට අන්තර්ජාලයට මුදාහැරීම,  පුස්කාළ පොත් සංරක්ෂණය, භික්ෂුණි අධ්‍යාපන ආයතන පිරිවෙන් ලෙස නඟා සිටුවීම සහ එහි ප‍්‍රමිතිය ඉහළ නැංවීම යන කරුණු පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරිණි.

බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රපේම ගමගේ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර යන මහත්වරුන් ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ නිළධාරින් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

அதிவேக நெடுஞ்சாலையில் இலவசமாக பயணிக்க முடியும்

Mohamed Dilsad

Saudi Arabia says will retaliate against any sanctions over Khashoggi case

Mohamed Dilsad

முள்ளிவாய்க்கால் நினைவேந்தல் வாரம் ஆரம்பம்

Mohamed Dilsad

Leave a Comment