ප්‍රමුඛ පුවත 1

ඉදිරි නියං තත්වයට රජය මුහුණ දිට යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක්

ඉදිරියේදී නියං තත්ත්වයට රජයක් ලෙස මුහුණදෙමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අමාත්‍යාංශ මට්ටමේ සූදානම පිළිබඳ විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (18)  ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

පීඩාවන් අවම කර ගනිමින් ජනතාවට අවශ්‍ය සහන සැලසීමේදී හදිසි තීරණ ගැනීම සඳහා විදුලිබල අමාත්‍යාංශයේ, මහවැලි අමාත්‍යාංශයේ සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම්වරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කිරීමට ද මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

එමෙන්ම නියං තත්ත්වයට මුහුණදීම සඳහා ඒ ඒ අමාත්‍යාංශ මගින් දැනට කි‍්‍රයාත්මක කරන සහ ඉදිරියේදී සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්වූ අතර අපගේ ජල මූලාශ‍්‍ර ආරක්ෂා කර ගනිමින් මෙවන් තත්ත්වයන් අවම කරගැනිම සඳහා ගතයුතු පියවරයන් පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

දැනට සිඳී ඇති වැව් ප‍්‍රතිසංස්කරණ කිරීම සඳහා වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන ලෙස ද උපදෙස් දුන් ජනාධිපතිතුමා ජල සම්පත අරපිරිමැස්මෙන් භාවිතා කරමින් එය සුරැකීම සඳහා සියලු ජනතාවට පුළුල් අවබෝධයක් ලබාදීමේ වැඩසටහනක අවශ්‍යතාවය ද පෙන්වා දුන්නේය.

අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, සුසිල් පේ‍්‍රමජයන්ත, රංජිත් සියඹලාපිටිය, දුමින්ද දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ද අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරින් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Read 5 times

Related posts

උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කරලීම සම්බන්ධයෙන් සාකච්ඡා

Mohamed Dilsad

සුනාමි ව්‍යසනය සිදුවී අදට වසර 15 යි

Mohamed Dilsad

මත්ස්‍ය නිෂ්පාදනය වැඩිවීමට කරදිය ධීවර අංශයේ වැඩි දායකත්වයක්

Mohamed Dilsad

Leave a Comment