Trending News

ගංවතුරෙන් සහ නායයාමෙන් විනාශයට පත් නිවාස ඉදිකරදීමට ඇමරිකන් රජයේ සහය

(උදයම්, කොළඹ) – අයහපත් කාලගුණයත් සමග සිදු වූ ගංවතුරෙන් සහ නායයාමෙන් විනාශයට පත් නිවාස ඉදිකරදීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට ඇමරිකන් රජයේ සහය ලබාදෙමින් රුපියල් මිලියන 350 ක මූල්‍ය පරිත්‍යාගයක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදීම පසුගිය සෙනසුරාදා (03) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු විය.

ශී‍්‍ර ලංකාවේ ඇමරිකානු තානාපති අතුල් කේෂප් මහතා ඇතුළු නියෝජිත පිරිසක් විසින් මෙම මූල්‍ය පරිත්‍යාගය ජනාධිපතිතුමා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.

තවද මෙරට තරුණ තරුණියන්ගේ ශිල්පීය ඥානය වැඩිදියුණු කිරීම උදෙසා ඩොලර් මිලියන 12 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීමට ඇමරිකන් රජය කැමැත්ත පළ කර තිබෙන අතර වසර 04 ක කාල පරාසයකට අනුව එම පරිත්‍යාගය සිදු කිරීමට නියමිත බව ඇමරිකන් තානාපතිවරයා මෙහිදී පැවසීය.

ආපදාවට ලක් වූ කළුතර දිස්ති‍්‍රක්කයේ පාසල් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක මේ වන විට ඇමරිකන් නියෝජිත පිරිසක් නිරතව සිටින අතර, එම කටයුතු අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බව ද ඇමරිකන් තානාපතිවරයා ප‍්‍රකාශ කළේය.

Related posts

Karu Jayasuriya refutes allegations on his resignations

Mohamed Dilsad

පාර්ලිමේන්තු ඡන්දයට කුසපත් ඇදීමක්

Editor O

சுவையான ஆலிவ் குடைமிளகாய் சாலட்…

Mohamed Dilsad

Leave a Comment