Trending News

දිස්ත්‍රික්ක 7 ක් සදහා නිකුත් කර තිබූ නායයාමේ අවදානම තවදුරටත්.අවධානයෙන් සිටින්නැයි උපදෙස්

(උදයම්,කොළඹ)    –   මේ වනවිට දිස්ත්‍රික්ක 7 ක් සදහා නිකුත් කර තිබූ නායයාමේ අවදානම තවදුරටත් ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත් ඉදිරි දිනවලත් වර්ෂාව ඇති වන අවස්ථාවලදී නායයාම් අවදානම් නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාව අවදානයෙන් සිටින යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ඒ අනුව කළුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වල ජනතාව අධික වැසි ඇති වන අවස්ථාවන්හි දී නායයාම් පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.

Related posts

Katie Holmes steps out amidst news of split with Jamie Foxx

Mohamed Dilsad

சபாநாயகர் விசேட அறிக்கை

Mohamed Dilsad

உயிர்த்த ஞாயிறு தாக்குதல்-வங்கி கணக்குகள் இடைநிறுத்தம்

Mohamed Dilsad

Leave a Comment