ක්‍රීඩා

ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිවේ

(උදයම් ,ඉන්දීයා) – ලොව විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරිමේ කටයුතු ආරම්භ වෙයි.

ඉන්දියාවේ අහමදාබාද්හි මොටේරා ප්‍රදේශයේ මෙහි ඉදිකිරිම් ආරම්භ කර තිබේ. ගුජරාට්හි පැවැති සර්දාර් පටෙල් ක්‍රීඩාංගණය වෙනුවට මෙය ඉදිකෙරෙණු ඇත.

ගුජරාට් ක්‍රිකට් සංගමය විසින් මෙම ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර මෙම ක්‍රිඩාංගණය අක්කර 63ක් පුරා විහිදී ඇතැයි වාර්තා වෙයි.

ප්‍රේක්ෂකයන් 110000ක ප්‍රමාණයක් සඳහා පහසුකම් සපයමින් ඉදිවෙන ක්‍රීඩාංගණය සඳහා ආයෝජනය කර ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් පමණ වේ.

මෝටර් රථ 3000කට හා යතුරුපැදි හා ත්‍රීවීලර් රථ 10000කට ගාල් කිරිමේ පහසුකම් සහිතව මෙම ක්‍රීඩාංගණය ඉදිකෙරේ.

ක්‍රීඩා සංකීර්ණක් ලෙස මෙහි ඉදිකිරීම් සිදුකරන අතර එයට ඔලිම්පික් තරගාවලි සඳහා යොදා ගත හැකි පිහිනුම් තටාකයක විශාලත්වයෙන් යුතු පිහිනුම් තටාකයක්ද මෙහි ඇති බව වාර්තාවේ.

වසර දෙකකින් මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතය. 90000ක ප්‍රමාණයකට පහුසුකම් ඇති ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණය මේ වන විට ලෝකයේ පවතින විශාලම ක්‍රීඩාංගණය ලෙස සැලකේ.

 

Related posts

කොදෙව් – ශ්‍රී ලංකා දෙවන එක්දින ක්‍රිකට් තරගය අදයි

Mohamed Dilsad

රමිත රඹුක්වැල්ල දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට්ට

Mohamed Dilsad

ජැෆ්නා කිංග්ස් ට ලකුණු 21ක ජයක්

Mohamed Dilsad

Leave a Comment