Trending Newsඑසැන පුවත්දේශීය

ලුණු නැව එන දවස මෙන්න

ආනයනික ලුණු තොගය දිවයිනට පැමිණීම තවත් දින කිහිපයකින් ප්‍රමාද විය හැකි බව ජාතික ලුණු සමාගම පවසයි. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ප්‍රමාදය සිදුවන බව ලුණු සමාගම සඳහන් කළේය.

පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු තොගයක් ඊයේ (21) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිතව තිබුණි. පෞද්ගලික අංශයෙන් ආනයනය කළ ලුණු මෙට්‍රික්ටොන් 250ක් සහ ජාතික ලුණු සමාගම විසින් ආනයකය කරන ලද ලුණු මෙට්‍රික්ටොන් 2,800ක් ලෙස ලුණු මෙට්‍රික්ටොන් 3,050ක තොගයක් මෙලෙස දිවයිනට පැමණීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දින කිහිපයක් එම ලුණු තොගය ප්‍රමාද විය හැකි අතර ඉන් අනතුරුව අඛණ්ඩව ලුණු මෙරටට රැගෙන ඒම සිදුවනු ඇති බව  ජාතික ලුණු සමාගම සඳහන් කළේය. මේ හේතුවෙන් වෙළදපොළේ පවතින ලුණු හිගය පහව යනු ඇති බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

Mohamed Dilsad

Two suspects arrested with gold worth Rs. 40 million

Mohamed Dilsad

தீபிகாவுக்கும், ஜோக்கோவிச்சுக்கும் கள்ளத்தொடர்பு – முன்னாள் காதலி

Mohamed Dilsad

Leave a Comment