විදෙස්

මැන්චෙස්ටර් ප්‍රහාරය බ්‍රිතාන්‍ය අගමැතිනිය හෙළා දකී

(උදයම්,එංගලන්තය) –  එංගලන්තයේ මැන්චෙස්ටර් හි පැවැති සංගීත ප්‍රසංගයකට එල්ල වූ ප්‍රහාරය බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයක් බව බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ පවසයි.

ඊයේ රාතී‍්‍රයේ පැවැති මෙම ප්‍රසංගයේදී සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 50කට අධික පිරිසක් තුවාල ලැබුහ.

මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් ද යන්න දැන් පරීක්ෂාවට ලක් කෙරෙනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පරීක්ෂණ කටයුතු සඳහා ඇමරිකානු සහය ද ලැබෙන බව වාර්තාවේ.

මේ අතර බ්‍රිතාන්‍යය කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් ද ප්‍රහාරය හෙළා දකිමින් පණිවුඩයක් නිකුත් කර ඇත.

Related posts

ළදැරියන් 19 දෙනෙකුගේ කළල රෝහලක් අසලින් ගොඩගැනේ

Mohamed Dilsad

හැරී කුමරු කිරුළ හැර යයි

Mohamed Dilsad

මැලේසියාවේ විපක්‍ෂය නව රජයක් පිහිටුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment