ප්‍රමුඛ පුවත 1

ජනපති රාත්‍රියේ ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට සුදානම්

(උදයම්,කොළඹ)  – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රාජ්‍ය සංචාරයක් සදහා අද රාත්‍රියේ ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය.

ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදුවන බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

මෙහිදී ආරක්ෂක, ආර්ථික සහ සාමාජිය වශයෙන් වැදගත් වන ද්වීපාර්ශවීය ගිවිසුම් කිහිපයක් අත්සන් තැබීමට ද නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

ලබන 26 වනදා දක්වා ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියාවේ රැදී සිටින අතර එම කාලය තුල එරට රජයේ ඉහළ පෙලේ නියෝජිතයන් සමග ද්වීපාර්ශවික සාකච්ඡා රැසක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

Related posts

මත්ද්‍රව්‍ය සහ අපරාධ පිලිබඳ දැනුම් දීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

විශ්‍රාමික ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව අවසන්

Mohamed Dilsad

ත්‍රිරෝද රථ අනතුරකින් එකම පවුලේ තිදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment