Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

ඉන්දියාවේ ආගමික උත්සවයක තෙරපීමකින් 116 ක් ජීවිතක්ෂයට

(UTV | කොළඹ) –

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි ආගමික උත්සවයකදී ඇති වූ තෙරපීමෙන් මිය ගිය පුද්ගලයින් ගණන 116 දක්වා ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.  ඊයේ (02) පස්වරුවේ, මෙම තෙරපිම සිදුව ඇත්තේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ හත්රාස් නගරයේ පැවැති සත්සංග් නැමැති  උත්සවය අතරතුරේදීයි.

වාර්ෂිකව පැවැත්වෙන සත්සංග් උත්සවයට බැතිමතුන් දහස් ගණනක් පැමිණෙන බව විදෙස් වාර්තාවන්හි සඳහන් විය. ඊයේ දිනයේ සත්සංග් උත්සවයට අපේක්ෂිත සංඛ්‍යාව ඉක්මවා බැතිමතුන්  පිරිසක් සහභාගී ව තිබුණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තෙරපීමෙන් අනතුරුව විශාල පිරිසක් මලාපවහන පද්ධතියකට ඇද වැටීම මරණ ඉහළ යාමට හේතුව බවයි. මියගිය116 දෙනා අතර කාන්තාවන් 108 දෙනෙකු සහ ළමුන් 7 දෙනෙකු සිටින බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා තිබේ.

ඡායාරූප – විදෙස් මාධ්‍ය.

Related posts

රිය අනතුරකින් දරුවෙකු ජිවිතක්ෂයට

Mohamed Dilsad

අජිත් ප්‍රසන්න යලිත් රිමාන්ඩ්

Mohamed Dilsad

ජනපති ඡන්දයට නාම යෝජනා 03ක්

Mohamed Dilsad

Leave a Comment