දේශීය

ගතවු පැය 24 තුළ යුක්තිය මෙහෙයුම හරහා දහසකට වැඩි පිරිසක් කොටු

(UTV | කොළඹ) – ගතවු පැය 24 ක කාල සීමාව තුළ සිදුකරන ලද මෙහෙයුම් වලදී විවිධ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 699 ක් සහ අපරාධ අංශ වලට යොමු කළ අපරාධකරුවන් ලැයිස්තුවේ සිටි තවත් සැකකරුවන් 325 ක් සමගින් මුලු සැකකරුවන් 1,024 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

පහත පරිදි මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් 227 g
අයිස් 168 g
ගංජා 8 kg 40 g
ගංජා පැල 13,892 ක්
මාවා 227 g
මදන මෝදක 24 g
මත්පෙති 647 ක්

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 699 දෙනෙකු අතරින් සැකකරුවන් 13 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 8 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය මගින් යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 45 දෙනෙකුද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත.

එසේම, අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 325 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් අතර,

විෂ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත් කර සිටි සැකකරුවන් 92 දෙනෙකුද,

විෂ මත්ද්‍රව්‍ය නොවන වෙනත් වැරදි සම්බන්ධයෙන් විවෘත වරෙන්තු නිකුත්ව තිබු සැකකරුවන් 211 දෙනෙකුද,

ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 11 දෙනෙකු සහ

බල අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 11 දෙනෙකු අපරාධ අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අනෙකුත් සැකකරුවන් සොයා දිවයින පුරා පොලිස් කණ්ඩායම් අඛණ්ඩ මෙහෙයුම් සිදුකරනු ලබයි.

Related posts

කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් ජාතික කොඩිය වැරැදියට ඔසවලා – දුම්න්ද දිසානායක

Editor O

බදු ගැන තීරණාත්මක සාකච්ඡාවක්

Mohamed Dilsad

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පිරිස 34,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment