දේශීය

විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට යන කාලය දැනුම්දෙයි

අද පස්වරු 5ට පමණ දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමක් සිදුවුණි.

 

විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග සඳහන් කළේ බියගම සිට කොත්මලේ දක්වා විදුලිය රැගෙන යන අධි වෝල්ටීය රැහැන් පද්ධති 2ක සිදුවූ හදිසි බිඳවැටීමක් මීට හේතුවී ඇති බවය.

 

මෙලෙස විදුලිය බිඳ වැටී ඇත්තේ එම අධි වෝල්ටීයතා රැහැන් පද්ධති 2ට සිදුවූ අකුණු සැර වැදීමකින් බවට විදුලිබල මණ්ඩලය සැක පළ කරයි.

 

කෙසේවෙතත් විදුලිබල මණ්ඩලය පැවසුවේ අද පස්වරු 6.30 පමණ වනවිට අදියර කිහිපයක් යටතේ කොළඹ ප්‍රදේශ කිහිපයක් ඇතුළු දිවයිනේ තවත් ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම යථා තත්ත්වයට පත්කිරීමට හැකි වූ බවය.

 

එමෙන්ම අද රාත්‍රී 8 පමණ වනවිට දිවයින පුරා විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.

Related posts

වරාය නගරයේ වරාය මංතීරුව අද සිට ජනතාවට

Mohamed Dilsad

ඩීසල් – පෙට්‍රල් රැගත් දුම්රිය 4 ක් අද ධාවනයට

Mohamed Dilsad

රනිල්ගෙන් බොහෝ දේ ඉගෙන ගත්තා.. ඔහු ගත් තීරණ රටේ සාර්ථකත්වයට හේතුවක්.. – මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන

Editor O

Leave a Comment