දේශීය

ලිංගික අල්ලස් ගත් උප පොලිස් පරීක්ෂක අත්අඩංගුවට

කල්මුණේ මුලස්ථාන පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු ලිංගික අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ.

 

අදාළ උප පොලිස් පරීක්ෂකවරයාව පසුගිය 22 දා අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

 

වරිපතනම්චේනෛ ප්‍රදේශයේ පදිංචිකාරියක වන පැමිණිකාරියට එරෙහිව කල්මුණේ අධිකරණයේ පවරා තිබූ නඩු කටයුත්තක් විභාගයට ගැනීමට නියමිතව තිබී ඇති අතර, එහිදී පැමිණිලිකාරියට වාසි වන අන්දමින් වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කිරීමටත්, සතියකට වරක් පොලිස් ස්ථානයේ අත්සන් කිරීමට ඇති අධිකරණ නියෝගය මසකට වරක් දක්වා දීර්ඝ කිරීමට අවශය කටයුතු සලසා දීම සඳහා අල්ලස් වශයෙන් ලිංගික අල්ලස් ඉල්ලා ලබාගැනීමට තැත් කිරීමේදී කල්මුණේ ප්‍රදේශයේ හෝටලයක් තුළදී අදාළ නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත.

 

අත්අඩංගුවට ගත් සැකකරු සමන්තුරේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අනුරුද්ධ සම්පායෝ ඇතුළු පිරිස යළි රිමාන්ඩ් [UPDATE]

Mohamed Dilsad

හිටපු අමාත්‍ය විජිත් විජයමුණි ට ඇප

Editor O

ඇදිරි නීතිය කඩ කල තවත් 1245ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment