දේශීය

පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමි ට වරෙන්තු

ආගම් අතර අසමගිය පැතිරවීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර අනතුරුව ඇප මත මුදා හැරුණු පුජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමිව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය.

 

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී සැකකාර හිමි අධිකරණයේ පෙනී නොසිටීම මත වරෙන්තුවක් නිකුත් කරමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

 

සැකකාර හිමිගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් ඒ බව ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත දන්වා යවන ලෙසත් එම නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා කියා සිටියේය.

 

සැකකාර හිමිට ලැබුණු මුදල් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇති බවත් විමර්ශන ප්‍රගතිය ගැන දැනුම්දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

Related posts

දුම්රිය මගීන්ට අද සිට සහන මිලට එළවළු මල්ලක්

Mohamed Dilsad

ෂාෆ්ටර් ඝාතනය සිදුවූ තැන තිබූ උපකරණ වෙත වැඩි අවධානයක්

Mohamed Dilsad

ඕමාන මුහුදේ දී තෙල් නැවක් පෙරලීමෙන් ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු අතුරුදන්

Editor O

Leave a Comment