විදෙස්

අමෙරිකානුවන් ට හදිසි දැනුම්දීමක්

නැවත දැනුම්දෙන තුරු ඉරාකයේ සංචාරය නොකරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිය පුරවැසියන්ට දැනුම් දී තිබේ.

 

ඉරාක කලාපයේ දී අමෙරිකානු හමුදාවන්ට සහ පුරවැසියන්ට මෑත කාලයේ දී එල්ල වු ප්‍රහාර සහ විවිධ ගැටුම්කාරී හේතූන් මත අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් මෙම නිවේදනය සිදුකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

 

ත්‍රස්තවාදය, පැහැරගැනීම්, සන්නද්ධ ගැටුම්, සිවිල් නොසන්සුන්තාව සහ එම අවස්ථාවලදී අමෙරිකානු පුරවැසියන්ට සහාය සැපයීමට ඉරාක රජය නිසි පියවර ගැනීමට කටයුතු නොකිරීම අදාළ නිවේදනය නිකුත් කිරීමට හේතුවී තිබේ.

 

ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර ගැටුම ආරම්භ වූ දා සිට ඉරාකයේ සහ සිරියාවේ අමෙරිකානු හමුදාවන්ට එරෙහි ප්‍රහාරවල ඉහළයාමක් ද දක්නට ලැබෙන බව සඳහන් වේ.

 

ඊට අමතරව ආරක්ෂක හේතුවෙන් මත ඉරාක බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ භාවිතා නොකරන ලෙස ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිය පුරවැසියන්ට වැඩිදුරටත් දැනුම්දී ඇත.

 

Related posts

දකුණු කොරියාවේ ගොඩබාමින් තිබූ ගුවන් යානයක් තාප්පයක ගැටී 62 දෙනෙක් ජීවිතක්ෂයට

Editor O

ඇමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් හට සැත්කමක්

Editor O

රුසියානු විපක්ෂ නායකයා ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment