දේශීය

රෝහලට ඇතුළත් කළ බිළිඳාගේ මරණය ගැන සැකයක්

ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කළ මාස 8ක දරුවෙකු මිය ගොස් ඇත්තේ මෙනින්ගොකෝකල් ආසාදනයකින් ද යන්න සැකයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

 

නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය මහතා ප්‍රකාශ කළේ, අදාළ දරුවාගේ සිරුරු කොටස් මේ වනවිට රසායනාගාර පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවය.

 

උණ වැළඳීම හේතුවෙන් පසුගිය 25 වැනිදා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ආ තලාපිටිය, මයිනගොඩ ප්‍රදේශයේ පදිංචි මාස 8ක කුඩා දරුවෙකු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීම මියගොස් තිබුණි.

 

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසුවේ එම දරුවාගේ මරණය මෙනින්ගොකෝකල් ආසාදනයකින් සිදු වූයේ ද යන්න පිළිබඳව සැකයක් පවතින බවය.

 

පසුගියදා ගාල්ල බන්ධනාගාරයෙන් රැඳවියන්ගෙන් වාර්තාවූ මාරාන්තික “මෙනින්ගොකෝකල්” ආසාදනය බාහිර සමාජයටත් ව්‍යාප්තවී ඇත්ද යන්න වෛද්‍යවරුන් අතර මේවන විටත් පවතින්නේ සැකයකි.

 

මෙවන් පසුබිමක මියගිය දරුවාගේ සිරුරු කොටස් රජයේ රසායනාගාර වෙත යොමු කර තිබේ.

 

දරුවාගේ දේහය සම්බන්ධ අවසන් කටයුතු සෞඛ්‍ය උපදෙස්වලට අනුව ඊයේ (26) සිදුකෙරුණි.

 

එමෙන්ම අදාළ නිවස ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂාවට ලක්කර ඇති අතර සැකසහිත රෝගයක් ඇත්නම් එය පැතිරීම වළක්වා ගැනීමට නිවැසියන්ට උපදෙස් ලබාදී තිබේ.

 

අදාළ නිවසේ පිරිස් ගාල්ල බන්ධනාගාරයේ සිටින රැඳවියන්ට නිරාවරණය වී නොමැති බව එහිදී තහවුරු කරගෙන තිබේ.

 

තද උණ, හිසරදය, බිබිලි මතුවීම, හුස්ම ගැනීමේ අපහසුතා, වමනය වැනි රෝග ලක්ෂණ ඇත්නම් වහාම රෝහලකට ඇතුළත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

අදත් විදුලි කප්පාදු කාලසටහන

Mohamed Dilsad

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරු 6100 ඉක්මවයි

Mohamed Dilsad

මහෙස්ත්‍රාත්වරුන් පත් කිරීමේ සුදුසුකම් සංශෝධනය කිරීමේ තීරණයක්

Editor O

Leave a Comment