දේශීය

රාජ්‍ය බැංකුවල ඇත්ත හෙළිකරන්නැයි ඉල්ලීමක්

මෙරට රාජ්‍ය බැංකුවල සිදුවී ඇති අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ප්‍රකාශයට පත් නොකිරීම තුළ ඉන් අනාවරණය කරගත් දුෂණ වංචා හෙළිදරව්වීම නැවතී ඇති බව ලංකා බැංකු සංගමයේ සභාපති චන්න දිසානායක මහතා පවසයි.

 

ඔහු පැවසුවේ ලංකා බැංකුව තුළ වෝහාරික විගණනයක් සිදුකරන ලෙසට වත්මන් රජයෙන් ඉල්ලීමක් සිදුකළ ද එය මෙතෙක් ඉටුකර නොමැති බවය.

 

කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා බැංකු සංගමයේ සභාපති චන්න දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

 

මේ අතර නව ගෙවීම් යෙදවුම් හරහා මුල්‍ය ගනුදෙනු කිරීමට රටේ ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන ධර්මශ්‍රී කුමාරතුංග මහතා කොළඹ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

Related posts

කාලගුණය වෙනස්වෙයි

Mohamed Dilsad

ජනපතිගෙන් ඩයස්පෝරාවට ආරාධනයක්

Mohamed Dilsad

හෙට සිට සියළු අධිවේගී මාර්ග විවෘතයි

Mohamed Dilsad

Leave a Comment