Trending News

හිටපු රුසියානු ජනපතිගෙන්

යුක්‍රේනය විසින් දැන් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රති ප්‍රහාර මෙහෙයුම සාර්ථක වුවහොත්, රුසියාවට න්‍යෂ්ටික බලය යොදාගැනීමට සිදුවන බව එරට හිටපු ජනාධිපති සහ වත්මන් ජාතික ආරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ප්‍රධානී දිමිත්‍රි මෙද්වදෙව් පවසයි.

 

රුසියානු ජාතික ආරක්ෂක මණ්ඩලයේ සභාපති ධුරය හොබවනු ලබන්නේ ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසිනි.

 

යුක්‍රේන යුද්ධය න්‍යෂ්ටික අවි ගැටුමකට මුල්විය හැකි බවට මීට පෙරද අනතුරු අඟවා ඇති හිටපු ජනාධිපති මෙද්වදෙව් සිය නිල සමාජ මාධ්‍ය ගිණුම හරහා මේ බව ප්‍රකාශ කර තිබේ.

 

එහිදී න්‍යෂ්ටික අවි භාවිතය සම්බන්ධයෙන් රුසියාව දැනට දරණ ස්ථාවරත්වයෙන් ඉවත්වීමට සිදුවිය හැකි බව මෙද්වදෙව් සඳහන් කර ඇත.

 

නේටෝවේ සහාය ලබන ප්‍රති ප්‍රහාර මෙහෙයුම් සාර්ථක වී රුසියානු භූමියෙන් කොටසක් ඔවුන් අත්පත් කරගතහොත් රුසියාවට න්‍යෂ්ටික අවි භාවිත කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත්, ජනාධිපතිවරයාගේ අනුමැතිය යටතේ එය සිදුකළ හැකි බවත්, හිටපු ජනපති මෙද්වදෙව් වැඩිදුරටත් සඳහන් කළේය.

 

මේ හේතුවෙන් ගෝලිය න්‍යෂ්ටික යුද්ධයක් අවුළුවාලීමට යුක්‍රේනය කටයුතු නොකරනු ඇතැයි අපේක්ෂා කරන බවද මෙද්වදෙව් කියා සිටියේය.

 

න්‍යෂ්ටික අවි භාවිතය සම්බන්ධයෙන් රුසියාවේ වත්මන් ප්‍රතිපත්තිය වන්නේ එය රුසියානු රාජ්‍යයේ පැවැත්මට තර්ජනයක් එල්ල වුවහොත් පමණක් භාවිත කිරීමය.

 

එහෙත් රුසියාව මෑතකදී අත්පත් කරගත් යුක්‍රේන ප්‍රදේශ සහ ක්‍රිමියාව රුසියාවට අයත් භූමි ප්‍රදේශ ලෙස සැලකේ.

 

මේ නිසා රුසියාවට යුක්‍රේනයෙන් අත්පත් කරගත් ප්‍රදේශ අහිමි වීමකදී වුවද, න්‍යෂ්ටික අවි භාවිත නිරීමට සිදුවන බවත් මෙද්වදෙව් පැවසුවේද යන්න දැන් සාකච්ඡාවට ලක්වන කරුණකි.

 

කෙසේ නමුත් පසුගිය දින කිහිපය තුළ සටන් බිමේ විශේෂ වෙනසක් සිදුනොවූ බවත්, පසුගිය ජුනි 04 වැනිදා සිට යුක්‍රේනයට යුද ටැංකි ඇතුළු යුදෝධපකරණ විශාල ප්‍රමාණයක් අහිමිවූ බවත් ජනපති පුටින් පසුගිය සෙනසුරාදා ප්‍රකාශ කළේය.

 

සිය හමුදා යුද පෙරමුණෙන් ප්‍රගතියක් අත්කරගත් බව ප්‍රකාශ කළද අපේක්ෂිත අන්දමේ ඉදිරියට යාමක් සිදුනොවන බව යුක්‍රේනයද පිළිගනී.

 

මේ අතර යුක්‍රේන ඩ්‍රෝන යානා 03ක් රුසියාවේ මොස්කව් නුවරට ප්‍රහාරයක් එල්ල කිරීමට යොදවා ඇති අතර ඒවා විනාශ කිරීමට හෝ අක්‍රිය කිරීමට හැකි වූ බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

 

මොස්කව් නුවර වාණිජ ගොඩනැගිලි පිහිටි ප්‍රදේශයට එල්ල වූ මෙම ඩ්‍රෝන ප්‍රහාරයෙන් කාර්යාල ගොඩනැගිලි 02කට සුළු හානි සිදුවූ බව මොස්කව් නගරාධිපති සර්ජි සොබ්යකින් ප්‍රකාශ කළේය.

 

මෙම ඩ්‍රෝන යානා කඩාවැටීමේදී මොස්කව් නුවර මහල් ගොඩනැගිලි දෙකක පිපිරීම් වාර්තා වූ බවත්, ආරක්ෂක නිලධාරියෙකුට තුවාල සිදුවූ බවත් රුසියානු ටාස් ප්‍රවෘත්ති සේවය වාර්තා කළේය.

 

රුසියානු වෙළෙඳ, ආර්ථික සහ විදුලි සංදේශ අමාත්‍යාංශ පිහිටා ඇත්තේද මින් එක් ගොඩනැගිල්ලකය.

Related posts

Portugal election: Socialists win without outright majority

Mohamed Dilsad

விடுமுறையில் இருக்கும் மருத்துவ அதிகாரிகள் அனைவரும் சேவைக்கு சமூகமளிக்குமாறு கோரிக்கை

Mohamed Dilsad

President to appoint a Commission on the bond issue

Mohamed Dilsad

Leave a Comment