දේශීය

රට තුළ පිළිකා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්

මේ වන විට රට තුළ පිළිකා රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහටන පවසයි.

 

එහි අධ්‍යක්ෂ ප්‍රජා දන්ත විශේෂඥ ඉෂානී ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ, ශ්‍රී ලංකාවේ දෙවැනියට වැඩියෙන් මරණ සිදුවන්නේ පිළිකා රෝගයෙන් බවය.

 

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ඉෂානී ප්‍රනාන්දු මහත්මිය එම අදහස් පළ කළාය.

 

“ලංකාවේ පිළිකාව තමා දෙවැනියටම වැඩියෙන් මරණ සිදුවන රෝගය. රෙජිස්ටර් ජනරල් දෙපාර්තමේන්තුවට අනුව 2019 වර්ෂයේ 15,599ක් පුද්ගලයින් පිළිකාව නිසා මරණයට පත්වෙලා තියෙනවා. 2020 වර්ෂයේ අලුතින් 37,649ක් හඳුනාගෙන තියෙනවා. ඒ එක්කම කාලයත් එක්ක අපිට පේනවා පිළිකාවේ අති විශාල වර්ධනයක්. පිරිමින් අතර තියෙන ප්‍රධානම පිළිකාව තමා මුඛ පිළිකා. මගේ දැනුම හැටියට නම් ඇත්තටම දුම්කොළ භාවිතය අඩුකරන්න තියෙන වැඩසටහන් මදි කියලා තමා කියන්න තියෙන්නේ. හුඟාක් දියුණු රටවල්වලට තියෙන්නේ පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත පිළිකා. ඒක වයසත් එක්ක හැදෙනවා. ඒකෙන් මැරෙන්නෙත් නෑ. අපේ රටේ මීට වඩා දුම්කොළවලට විරුද්ධව වැඩකටයුතු කළ යුතුයි.”

Related posts

දිස්ත්‍රික්ක රැසක ඇඳිරි නීතිය ලිහිල් කෙරේ

Mohamed Dilsad

කලින් හොරු අහුවුණා දැන් ඊටත් කලින් හොරු අහුවෙලා ඉන්නේ – බිමල් [VIDEO]

Mohamed Dilsad

හිටපු ඇමති චන්න ජයසුමනගෙන් ඉල්ලීමක්

Editor O

Leave a Comment