දේශීය

අනුරාධපුර – ඕමන්ත දුම්රිය මාර්ගය යළි විවෘත කෙරේ

ධාවන කටයුතු නතර කර තිබු අනුරාධපුරය – ඕමන්තය අතර දුම්රිය මාර්ගය ලබන 15 වන දින සිට යළි ධාවන කටයුතු සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

අලුත්වැඩියා කටයුතු හේතුවෙන් අනුරාධපුරය සහ ඕමන්තය අතර දුම්රිය මාර්ගය පසුගිය ජනවාරි මාසයේ දී වසා තැබීමට පියවර ගැනුණි.

 

ඉන්දීය ණය ආධාර යටතේ එහි නඩත්තු කටයුතු සිදුකළ අතර මේ වනවිට එම අලුත්වැඩියා කටයුතු අවසන් කර තිබේ.

 

ඒ අනුව අද දිනයේ එම මාර්ගයේ තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක් සිදුකිරීමට නියමිත අතර ඊට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද එක්වීමට නියමිතය.

 

මෙම දුම්රිය මාර්ගය යථාතත්ත්වයට පත් කිරීමත් සමග කොටුව – කන්කසන්තුරය දක්වා සාමාන්‍ය දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

කෙසේවෙතත් මහව සහ අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගයද ඉදිරියේ දී අලුත්වැඩියා කිරීමට නියමිත අතර එම කාලය තුළ කොටුව සහ කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය නතර කිරීමට සිදුවනු ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

ජනපති සහ අගමැතිත් කොවිඩ් එන්නත ලබාගනී

Mohamed Dilsad

අසර්බයිජානයේ ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙක් මරුට [PHOTOS]

Mohamed Dilsad

දිවයිනේ සියලුම බන්ධනාගාරවල PCR පරීක්ෂණ

Mohamed Dilsad

Leave a Comment