දේශීය

අනුරාධපුර – ඕමන්ත දුම්රිය මාර්ගය යළි විවෘත කෙරේ

ධාවන කටයුතු නතර කර තිබු අනුරාධපුරය – ඕමන්තය අතර දුම්රිය මාර්ගය ලබන 15 වන දින සිට යළි ධාවන කටයුතු සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

අලුත්වැඩියා කටයුතු හේතුවෙන් අනුරාධපුරය සහ ඕමන්තය අතර දුම්රිය මාර්ගය පසුගිය ජනවාරි මාසයේ දී වසා තැබීමට පියවර ගැනුණි.

 

ඉන්දීය ණය ආධාර යටතේ එහි නඩත්තු කටයුතු සිදුකළ අතර මේ වනවිට එම අලුත්වැඩියා කටයුතු අවසන් කර තිබේ.

 

ඒ අනුව අද දිනයේ එම මාර්ගයේ තත්ත්වය සම්බන්ධයෙන් නිරීක්ෂණ චාරිකාවක් සිදුකිරීමට නියමිත අතර ඊට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද එක්වීමට නියමිතය.

 

මෙම දුම්රිය මාර්ගය යථාතත්ත්වයට පත් කිරීමත් සමග කොටුව – කන්කසන්තුරය දක්වා සාමාන්‍ය දුම්රිය ගමන් වාර කිහිපයක් ධාවනය කිරීමට කටයුතු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

 

කෙසේවෙතත් මහව සහ අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගයද ඉදිරියේ දී අලුත්වැඩියා කිරීමට නියමිත අතර එම කාලය තුළ කොටුව සහ කන්කසන්තුරය දක්වා දුම්රිය ධාවනය නතර කිරීමට සිදුවනු ඇති බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

Related posts

ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

ඩ්‍රෝන යානා ගුවන්ගත කිරීමට තිබූ තහනම ඉවතට

Mohamed Dilsad

අරලියගහ මන්දිරයේ විශේෂ සාකච්ඡාවක් හෙට

Mohamed Dilsad

Leave a Comment