දේශීය

ආරක්ෂක ලේකම් ස්විස්ටර්ලන්ත ආරක්ෂක උපදේශක හමුවෙයි

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා සහ ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අතර හමුවක් සිදුව තිබේ.

 

මෙහිදී ශ්‍රී ලංකාව සහ ස්විස්ටර්ලන්තය අතර හමුදා සහයෝගීතාව තවදුරටත් වැඩිදියුණු කිරීම කෙරෙහි අවධානය යොමු වූ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

 

මීට අමතරව දෙරට අතර පවතින හමුදා සහයෝගිතාවය සහ මෙරට හමුදාවන්ට ලබා දියහැකි පුහුණු අවස්ථා පිළිබඳව ද අවධානය යොමු වී ඇති බව සඳහන් වේ.

 

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රට තුළට ගලා ඒම වැළැක්වීම සඳහා මෙරට නීති ක්‍රියාත්මක කරන ආයතන ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ආරක්ෂක ලේකම්වරයා ස්විස්ටර්ලන්ත ආරක්ෂක උපදේශකවරයා දැනුවත් කර තිබේ.

Related posts

මරදාන ඩීන්ස් පාරේදි නවතා තිබූ මෝටර් රථයක් ගිනි ගනී

Mohamed Dilsad

අගමැති අද රෑ ජාතිය අමතයි

Mohamed Dilsad

තාවකාලික රියැදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment