දේශීය

කෝප් කමිටුවෙන් රක්ෂණ සංස්ථාවට නිර්දේශ රැසක්

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති, මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 08 වනදා පාර්ලිමේන්තුවේදී රැස්විය.

 

සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ 2019, 2020 මූල්‍ය වර්ෂ සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීම එහිදී සිදුවිය.

 

සීමාසහිත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව 2021 වර්ෂය සඳහා සිය ආයතනික වාර්ෂික වාර්තාව තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම පිළිබඳ කෝප් කමිටු සභාපතිවරයා මෙහිදී විමසා සිටි අතර එලෙස වාර්ෂික වාර්තා ප්‍රමාද කිරීම මගින් ආයතනය විසින් පාර්ලිමේන්තුව මඟහරින බවක් ගම්‍ය වන බවද පැවසීය.

 

මෙහිදී කෝප් සාමාජිකයන් පෙන්වා දුන්නේ වාර්ෂික වාර්තා ප්‍රමාදවීම නිසා රක්ෂණ සංස්ථාවට අනුබද්ධ ආයතනවල වාර්ෂික මූල්‍ය තත්ත්වය නිසි අවබෝධයක් ලබාගැනිමට නොහැකි වී ඇති බවය.

 

ඒ අනුව ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට කෝප් කමිටුවෙන් නිර්දේශ රැසක් ඉදිරිපත් කර තිබේ.

Related posts

මහ මැතිවරණය පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය [GAZETTE]

Mohamed Dilsad

ජීඑස්පී ප්ල්ස් තීරු බදු සහනය අවධානමකට ලක්වෙලා ද…? – රජිත් කීර්ති තෙන්නකෝන්ගෙන් පැහැදිලි කිරීමක්

Editor O

අර්ධ සුඛෝපබෝගී බස්වල සිදුවිය යුතු වෙනස්කම් ඇතුලත් කැබිනට් පත්‍රිකාවක්

Mohamed Dilsad

Leave a Comment