දේශීය

දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය එන්ජින් රියදුරන්ගේ වෘත්තීය සමිතියක් අද (13) පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය මේවන විට අවසන් කර තිබේ.

 

ඒ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුවය.

 

දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් දෙමටගොඩ පිහිටි ජලශක්ති ධාවනාගාරයේ පරිපාලනයේ අවිධිමත් තීරණයවලට එරෙහිව දුම්රිය එන්ජින් රියදුරන්ගේ වෘත්තීය සමිතියක් අද පෙරවරුවේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි.

 

මේ හේතුවෙන් අද දින ධාවනයට නියමිත කාර්යාල දුම්රිය 5ක් ඇතුළු දුම්රිය 14ක් අවලංගු කෙරුණු බව

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්. ජේ. ඉඳිපොළගේ මහතා “අද දෙරණ”ට ප්‍රකාශ කළේය.

 

කෙසේ වෙතත් ගමන්වාර අවලංගු කිරීමත් සමග මගී ජනතාව දුෂ්කරතාවට පත්ව සිටි බව අප වාර්තාකරු පැවසීය.

Related posts

රාජ්‍ය සේවක විශ්‍රාම වයස 60ට සීමා කිරීමේ චක්‍රලේඛය අද

Mohamed Dilsad

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

මැතිවරණ අපේක්ෂකයන් දෙදෙනෙකු රිය අනතුරකට ලක්වෙයි

Mohamed Dilsad

Leave a Comment