දේශීය

මැතිවරණ කොමිසමෙන් වහාම ක්‍රියාත්මක වනපරිදි තීරණ කිහිපයක්

තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම දින නියමයකින් තොරව කල්දැමීමට මැතිවරණ කොමිසම තීරණය කිරීමත් සමග මූලික සංවිධාන කටයුතුවලට අදාළ පරිපාලනමය කාර්යයන් සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිපියක් යොමුකර තිබේ.

 

සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට සහ සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර තේරීම්භාර නිලධාරීන් වෙත අදාළ ලිපිය යොමුකර ඇත.

 

ඒ අනුව සියලු සේවකයින්ට එළඹෙන සඳුදා දිනයේ සිට සාමාන්‍ය කාර්යාල වේලාව ප්‍රකාශයට පත්කර ඇති අතර මැතිවරණ රාජකාරී වෙනුවෙන් වන අතිකාල රාජකාරීද අත්හිටුවන බව දැනුම් දී ඇත.

 

සති අන්ත හා රජයේ නිවාඩු දින ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වසා දැමීමට කටයුතු කළයුතු බවද අදාළ ලිපියේ දැක්වෙයි.

 

කිසියම් විශේෂ රාජකාරියක් සඳහා සතිඅන්ත හෝ නිවාඩු දිනවල කාර්යාලය විවෘත කිරීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතු වෙයි.

 

දැනට සේවයේ යොදවා ඇති අනියම් සහයකයින් සහ විශ්‍රාමික නිලධාරීන්ගේ සේවය ඊයේ දින සිට ක්‍රියාත්මක වන පරිදි කාර්යාල වේලාවෙන් පසු තාවකාලිකව අවසන් කළයුතු වෙයි.

 

කාර්යමණ්ඩල ප්‍රවාහන කටයුතු සඳහා විවිධ ආයතනවලින් ලබාගන්නා ලද සියලුම වාහන වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අදාළ ආයතන වෙත මුදාහැරිය යුතු බවද එම ලිපියේ සඳහන්වී තිබේ.

කෙසේ වෙතත් කාර්යාලයේ ආරක්ෂාව සඳහා යොදවා ඇති පොලිස් ආරක්ෂාව පිළිබඳ ඉදිරියේදී උපදෙස් ලබාදීමට නියමිත අතර එතෙක් පොලිස් ආරක්ෂාව ලබාගැනීමට කටයුතු කරන ලෙසද එම ලිපිය මගින් පෙන්වාදී ඇත.

Related posts

අද සිට විදුලි කැපිල්ලක් නෑ

Mohamed Dilsad

අප්‍රේල් මාසයේ විශ්‍රාම වැටුප නිවසටම

Mohamed Dilsad

එන්නත්කරණ ක්‍රමවේදයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

Leave a Comment