ප්‍රමුඛ පුවත 1

බත්තරමුල්ල අවට තදබදයට සහන කාර්යාල වේලාවක්

(උදයම්,කොළඹ)  –  බත්තරමුල්ල ප්‍රදේශය අවට රජයේ කාර්යාලවල සේවයේ නියුතු පිරිස් වෙත සුනම්‍ය කාර්යාල වේලාවන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කිරීමට රජය තීරණය කොට ඇත.
ඒ අනුව, පෙරවරු 7.30 සිට පෙරවරු 9.15 දක්වා ඕනෑම වේලාවක සේවයට වාර්තා කිරීමටත්, රාජකාරි කටයුතු ඉටු කළ යුතු නියමිත කාලය නිමවීමෙන් පසු පස්වරු 3.15 සිට පස්වරු 5.00 දක්වා ඕනෑම අවස්ථාවක කාර්යාලයෙන් බැහැරව යාමටත් හැකි වන පරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි කාර්යාලවල මෙම නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරේ.
2016 නොවැම්බර් සිට 2017 ජනවාරි දක්වා මාස තුනක කාල සීමාවක් තුළ බත්තරමුල්ල පරිපාලන ප්‍රදේශයේ පිහිටි රජයේ ආයතන වෙත පැමිණි රථවාහන සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් සිදු කරන ලද අධ්‍යයනයක් අනුව, කාර්යාලයට පැමිණීම සඳහා පෞද්ගලික වාහන හෝ රාජකාරි වාහන භාවිත කරන නිලධාරින්ගෙන් 58%ක් පමණ පෙරවරු 7.00 සිට පෙරවරු 9.30 දක්වා රාජකාරියට පැමිණීම සඳහාත් පස්වරු 3.00ත් පස්වරු 5.30ත් අතර රාජකාරි අවසන් කර කාර්යාලවලින් පිටවීම සඳහාත් එකී වාහන භාවිත කරන බව හෙළි වී ඇත.

Related posts

වියළි කාලගුණයත් සමඟ ජලාශවල ජල මට්ටම සියයට 26කින් පමණ පහලට

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර ආලේපන සඳහා නීතිය තදින්

Mohamed Dilsad

සජිත් සමඟ විවාදයකට සහභාගී නොවිය යුතුයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment