ක්‍රීඩා

එංගලන්ත ලිවර්පූල් පාපන්දු කණ්ඩායම මිල දී ගැනීමට මුකේෂ් අම්බානි සූදානම්

(UTV | ඉන්දියාව) – ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි එංගලන්ත ලිවර්පූල් පාපන්දු කණ්ඩායම මිලදී ගැනීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ෆෙන්වේ ක්‍රීඩා ආයතනය එහි වත්මන් හිමිකාරත්වය දරණ අතර ඒ සඳහා ඔවුන් ඇමරිකානු ඩොලර් බිලියන 4.73 ක් බලාපොරොත්තු වන බව සඳහන්.

මුකේෂ් අම්බානි ඉන්දියාවේ පාපන්දු කණ්ඩායමක මෙන්ම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ද හිමිකරුවා වනවා.

ඔහුගේ වත්කම ඩොලර් බිලියන 90 කට අධික බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Related posts

ක්‍රිකට් තරඟ විකාශන අයිතිය ගැන අද ඩුබායි හිදී සාකච්ඡා

Mohamed Dilsad

ලෝඩ්ස් ක්‍රීඩාගාරයේ තම සේයාරුවක් නිරාවරණය කිරීම ගැන සංගා කතා කරයි(වීඩියෝ)

Mohamed Dilsad

ලසිත් ගේ වීඩියෝවෙන් පසු ඇන්ජලෝ කළ වීඩියෝව(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment