දේශීය

රජයට එරෙහි ඒකාබද්ධ විරෝධය අද

(UTV | කොළඹ) – වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන රජයට එරෙහි විරෝධතා රැලියක් හා පා ගමනක් අද (02) කොළඹදී පැවැත්වේ.

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් හෙට සවස 3.00ට මෙම විරෝධතා පා ගමන ආරම්භ වන අතර එය අවසානයේ රැලියක් පැවැත්වීමට නියමිත ය.

‘මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු’ මැයෙන් සංවිධානය කර ඇති මෙම විරෝධතාවට තරුණ නීතිඥයන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක සංගමය, කම්කරු එක්සත් සම්මේලනය ඇතුළු වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසක් සහය පළ කරන බව එහි සංවිධායකයෝ පවසති.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, නිදහස ජාතික සභාව හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් ම මෙම විරෝධයට සහභාගි වන නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඊට සම්බන්ධ වන්නේ නැත.

Related posts

කෝපා සභාපතිධුරය රංජිත් බණ්ඩාරට

Mohamed Dilsad

කාරක සභා සභාපතිවරුන්ට කථානායකගෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

රත්තොටදී සමෘද්ධි නිලධාරියාට පහරදුන් පිරිස රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment