දේශීය

පාර්ලිමේන්තුව නොවැම්බර් 08 දා රැස්වෙයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තුව එළඹෙන නොවැම්බර් 08 වැනිදා යළි රැස්වන අතර එදින පෙරවරු 10.30 සිට 5.00 දක්වා ජාතික ජන බලවේගයේ යෝජනාවකට අනුව රටේ වත්මන් තත්ත්වය පිළිබඳ විපක්ෂය ගෙන එන සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වීමට නියමිතය.

ඒසේම නොවැම්බර් 09 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය, සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක්, මුදල් පනත යටතේ නියෝගයක්, විදේශ විනිමය පනත යටතේ රෙගුලාසි, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි සහ ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක් විවාද කර සම්මතකිරීමට නියමිතය.

නොවැම්බර් 10 වැනිදා පෙරවරු 10.30 සිට පස්වරු 5.00 දක්වා අධිකරණ අමාත්‍යාවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය, අධිකරණ සංවිධාන (සංශෝධන), පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන), සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන), උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන), විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන), අපරාධ නඩු විධාන සංග්‍රහය(සංශෝධන), ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන) සහ අන්තරායකර සත්ත්ව (සංශෝධන) යන පනත් කෙටුම්පත් මෙන්ම බන්ධනාගාර ආඥාපනත යටෙතේ නීති සහ 1996 අංක 02 දරන ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග 03ක් දෙවන වර කියවීම සඳහා විවාදයට ගැනීමට නියමිතය.

උක්ත දින 03දී පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර 10.30 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කොට තිබේ. එම දිනයන්හිදී පස්වරු 5.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සහ යෝජනා සඳහා වෙන් කොට තිබේ.

නොවැම්බර් 11 වැනිදා පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වන අතර එදින පස්වරු 5.30 දක්වා අභාවප්‍රාප්ත ගරු චන්ද්‍රකුමාර විජය ගුණවර්ධන, ගරු ටී.බී ඒකනායක, ගරු තුරෙයිරත්නසිංහම්, පූජ්‍ය බද්දේගම සමිත හිමි යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවද මහලේකම්වරයා පැවසිය.

Related posts

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් රැසක් අත්අඩංගුවට

Mohamed Dilsad

උපාධිධාරීන්ට ජනපතිගෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

අස්වැසුම ගැන හොයන්න කමිටුවක්

Editor O

Leave a Comment