ක්‍රීඩා

කොදෙව් පුහුණුකරු පිල් ඉල්ලා අස්වෙයි

(UTV |  බටහිර ඉන්දීයාව) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පුහුණුකරු වන පිල් සිමන්ස් එම තනතුරින් ඉල්ලා අස්වී තිබේ.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම කොදෙව් කණ්ඩායම ඉවත්වීමත් සමඟ ඔහු මෙම තීරණය ගෙන ඇත.

වසර 2012 සහ 2016 දී විස්සයි විස්ස ලෝක ශූරයින් වූ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් මෙවර සුපිරි 12 දෙනාගේ වටයට පිවිසීම සඳහා පැවති මූලික වටයේ තරග ද්විත්වයකින් පරාජයට පත් වෙමින් තරගයෙන් ඉවත්විය.

පිල් සිමන්ස් පවසන්නේ එය සිදුනොවිය යුත්තක් බවයි.

මේ සම්බන්ධයෙන් සමස්ත රටවැසියන්ගෙන්ම සමාව ඉල්ලා සිටිමින් ඔහු කොදෙව් පුහුණුකාරීත්වයෙන් ඉල්ලා අස්වී ඇතිබව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබේ.

Related posts

ලබන වසරේ සිට අයි.පී.එල් තරගාවලියේ වෙනසක්

Mohamed Dilsad

මෙවර IPL තරඟාවලියේ දී හිමිකරුවන් කෝටි 483 ක් වියදම් කරයි

Mohamed Dilsad

30 වැනි මහවැලි ක්‍රීඩා උළෙලේ ගිනිසිළුව රැගත් චාරිකාව අද ගමන් අරඹයි

Mohamed Dilsad

Leave a Comment