දේශීය

ත්‍රිරෝද ඉන්ධන කෝටාව වැඩි කරයි

(UTV | කොළඹ) – ත්‍රිරෝද සඳහා ලබා දෙන ඉන්ධන කෝටාව ලබන සතියේ වැඩි කිරීමට බලාපොරොත්තු වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

දැනට සතියක කාලයකට ලීටර් 5ක කෝටාවක් ත්‍රිරෝද රථයකට හිමි වන අතර එය ප්‍රමාණවත් නොවන ලෙස සඳහන් කරමින් ත්‍රිරෝද රථ රියැදුරන් ඉකුත් සතියේ ද විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාට සන්දේශයක් ද දී තිබිණි.

එසේ ම, මිල සූත්‍රයට අනුව ඉදිරියේදී ද කටයුතු කරන බව ත් දැනට ආනයනික ඉන්ධන සඳහා යම් සහනයක් ලැබී ඇති බව ත් එම සහනය ජනතාවට ලබා දෙන බව ත් අමාත්‍යවරයා පවසයි.

සපුගස්කන්ද පිරිපහදුව වැසී යාම හේතුවෙන් භූමිතෙල් සහ ගුවන් යානා ඉන්ධන නිෂ්පාදනය කිරීමට නොහැකි වීම මත එම ඉන්ධන ආනයනය කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර යි.

Related posts

පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුවත් කිරීමක්

Editor O

පාර්ලිමේන්තු මැතිවරණයට එරෙහිව ගොනු කළ පෙත්සමක් නොවැම්බර් 04 වෙනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.

Editor O

තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් 82ක් මෙරටින් හඳුනාගැනේ

Mohamed Dilsad

Leave a Comment