දේශීය

අද සිට සිකුරාදා තෙක් ඇමැතිවරුන්ට මැතිසබය අනිවාර්යයි

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු රැස්වීම් ආරම්භ වන අද (20) සිට ලබන සිකුරාදා (23) දක්වා කැබිනට් ඇමැතිවරු ඇතුළු රාජ්‍ය ඇමැතිවරු අනිවාර්‌යයෙන්ම පාර්ලිමේන්තුවේ රැඳී සිටිය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය දැනුම් දී ඇත.

වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න, ස්ථාවර නියෝග යටතේ යොමු කරන ප්‍රශ්න, සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කැබිනට් ඇමැතිවරු හා රාජ්‍ය ඇමැතිවරු සභා ගර්භයේ නොසිටීම පිළිබඳව කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කර තිබේ.

ඒ අනුව ඉදිරිපත් වන ප්‍රශ්න සඳහා ප්‍රශස්ත මට්ටමෙන් මැදිහත් වීම, විවාදවලදී සක්‍රිය දායකත්වය ලබාදීමේ අරමුණින් කැබිනට් ඇමැතිවරුන් සහ රාජ්‍ය ඇමැතිවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටීමේ අවශ්‍යතාව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග පෙන්වා දෙයි.

ඒ අනුව අද සිට සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනවල අනිවාර්යයෙන්ම සිටිය යුතු කැබිනට් ඇමැතිවරු හා රාජ්‍ය ඇමැතිවරුන්ගේ නාමලේඛනයක්ද සකස් කර තිබේ. නම් කළ දින සභාවේ රැඳී සිටීමට නොහැකි අවස්ථාවක කැබිනට් ඇමැතිවරයා හෝ රාජ්‍ය ඇමැතිවරයා ඒ පිළිබඳව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලයට දැනුම්දිය යුතුය.

තවද මන්ත්‍රිවරුන්ට ඇමැතිවරු හමුවීම සඳහා පාර්ලිමේන්තු සතිය තුළ එක් දිනක් පෙරවරු දහයේ සිට පස්වරු දෙක දක්වා පාර්ලිමේන්තුවේ නිල කාමරවලදී අවස්ථාව ලබාදීමටද සැලසුම් කර තිබේ.

Related posts

විදුලිය ගැන අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ගුවන් යානා තහනම දීර්ඝ කෙරේ

Mohamed Dilsad

කොටි 10ක හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment