දේශීයව්‍යාපාරික

චීනයෙන් සහල් මෙට්‍රික් ටොන් 5,000 ප්‍රදානයක්

(UTV | කොළඹ) – චීනයේ ජනතාවගේ මිත්‍රත්වයේ තවත් එක් සළකුණක් ලෙස චීන රජය විසින් ක්‍රියාත්මක කරන, ශ්‍රී ලංකාවේ ජනතාව වෙත ප්‍රධානයක් වශයෙන් සහල් ලබා දීමේ වැඩපිළිවෙලේ පියවරක් ලෙස, සහල් මෙට්‍රික් ටොන් 5,000ක් නිල වශයෙන් රජය වෙත ලබා දීම ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී, අධ්‍යාපන අමාත්‍ය, ආචාර්යසුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ සහ චීන තානාපති කී. සෙන්හොංග් (Qi Zhenhong) මහතා ඇතුළු දෙපාර්ශවයේම නිළධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.

සිසුන් දස ලක්ෂයකට ආසන්න පිරිසකට මෙම ආහාර වැඩසටහන යටතේ සහල් ආධාර ලබා දේ, තෝරාගත් පාසල් 7,925ක ක්‍රියාත්මක මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් ප්‍රමාණයෙන් 78%ක ප්‍රමාණයක් ආවරණය වේ.

Related posts

මහ ගංවතුරක් ගැන රතු නිවේදනයක්

Mohamed Dilsad

බස්නාහිර පළාතෙන් පිටතට යාම සම්පූර්ණයෙන් තහනම් කරයි

Mohamed Dilsad

තිළිණි ට අධිකරණය දුන් අලුත්ම නියෝගය

Mohamed Dilsad

Leave a Comment