දේශීය

දමිතා අබේරත්නට සතියක් රිමාන්ඩ්

(UTV | කොළඹ) – අරගල ක්‍රියාකාරිනී, රංගන ශිල්පිනි දමිතා අබේරත්නව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඇයව අද (08) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එලෙස එළබෙන 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පියවර ගෙන ඇත.

පසුගිය ජුලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළවලට හානිකිරීමේ චෝදනාවට ඇයව අත්අඩංගුවට ගැනුණි.

බත්තරමුල්ල දියත උයනේ ඊයේ (07) පස්වරුවේ පැවති විරෝධතාවක් අවසන් කර නැවත යමින් සිටියදී දමිතා අබේරත්නව කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම ගැන දැනුම්දීමක්

Editor O

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසලට ගුවන් පාලම් දෙකක්

Mohamed Dilsad

පොහොට්ටුවේ පාලක ලේකම් අත්අඩංගුවට

Editor O

Leave a Comment