Trending News

රියැදුරු බලපත්‍රය අලුත් වෙයි

(UTV | කොළඹ) – දැනට මෙමරි චිප් සහිත රියැදුරු බලපත්‍ර ඉවත් කරමින් කිව් ආර් කේතාංකයක් සහිත නව කාඩ්පතක් හඳුන්වා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඊට අදාළ යෝජනාව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ පැවැසීය.

මෙරට පුද්ගලයන් ලක්ෂ පනස් හතකට ආසන්න පිරිසක් රියැදුරු බලපත්‍ර ලබාගෙන සිටිති. ඔවුන්ගේ අනන්‍යතාව සහ පැදවිය හැකි වාහන කාණ්ඩ හා වලංගු කාලසීමාවන් සඳහන් කර ඇත්තේ රියැදුරු බලපත්‍රයේ ඇති සිම්පතකට සමාන මෙමරි චීපයකය.

මෙම කාඩ්පත් ඔස්ට්‍රියාවෙන් ගෙන්වා තිබුණේ යුරෝ මුදල් ඒකකවලින් ගෙවීම් කරමිනි. ඒත් මේ වන විට රටේ උද්ගතවී ඇති ආර්ථික අර්බුදය හමුවේ මහා භාණ්ඩාගාරයේ යුරෝ නොමැති වීමෙන් එම කාඩ්පත් ආනයනය කිරීම ඇනහිට තිබේ.

මේ හේතුවෙන් ලක්ෂ දහයකට අධික රියැදුරු බලපත් මුද්‍රණය කර ගත නොහැකි වී ඇත. ඔවුන් වෙනුවෙන් තාවකාලික බලපත්‍ර ලබා දීමට පියවර ගෙන ඇත්තේ විදෙස් ගතවන පුද්ගලයන් සඳහා පමණක් බලපත්‍ර මුද්‍රණය කරමිනි.

මෙම මුද්‍රණ කාඩ්පත් ගෙන්වීමට අධික මුදලක් වැය වන නිසා එම මුදලට හරි අඩකින්ම අඩු වියදමක් යන කේතාංක ස්ටිකරයක් සහිත කාඩ්පත් ආනයනය කිරීමට පියවර ගෙන ඇත.

Related posts

அரசன் அன்று அறுப்பான் தெய்வம் நின்று அறுக்கும்

Mohamed Dilsad

Sridevi’s mortal remains reach Mumbai, last rites to be conducted today

Mohamed Dilsad

மனித உரிமை உயிர்ஸ்தானிகர் அதிருப்தி

Mohamed Dilsad

Leave a Comment